දේශප්‍රේමය කියන්නේ මොකක්ද ?

Share

ත්‍රස්තවාදී කටයුතුවල නිරත වන සියලු දෙනාට මරණ දඩුවම ලබා දෙන පනතක් තම පාලන කාලය තුල ගෙන එන බව නව ප්‍රජාතාන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඊයේ (19) සවස අකුරණ නගරයේ පැවැති ජනාධිපතිවරණ  ප්‍රචාරක රැළියක් අමතමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව පවසා ඇත.

මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා,

“අපේ රටේ කිසිදු ත්‍රස්තවාදයකට ඉඩක් නෑ.ජාති ආගම් කුල මල පන්ති බේදවලින් තොරව කිසිම අවස්ථාවක කිසිම අයුරකින් අපි අපේ මාතෘ භූමියේ ත්‍රස්තවාදයට ඉඩ දෙන්නේ නෑ .

අපි ත්‍රස්තවාදය විනාශ කරනවා. අපි ත්‍රස්තවාදය තුරන් කරනවා .හැබැයි ත්‍රස්තවාදය තුරන් කරනව කියන්නේ ආගම් විනාශ කරන එක නෙවෙයි.

ආගමික සිද්ධස්ථාන විනාශ කරන එක නෙවෙයි. ජාතින් විනාශ කරන එක නෙවෙයි. ආගම් විනාශ කරන එක නෙවෙයි .ජාතිවාදය ආගම් වාදව අවුස්සලා රට ගිනි තියන  එකද  දේශප්‍රේමය කියන්නේ.

බුදුන් වහන්සේ හැම විටම දේශණා කළේ සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා  කියලයි .මේ රටේ ත්‍රස්තවාදී ක්‍රියාදාමයන් සහ මුලින්ම විනාශ කරන්නට මම නිදහස ලබා දිල තියෙනවා ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මැතිතුමාට.

තිස් වසරක යුද ශාපය ඉවත් කරපු විනාශ කාරි කොටි ත්‍රස්තවාදය විනාශ කරපු සරත් ෆොන්සේකා මහතාට මම  වගකීම ලබා  දිල තියෙනවා ඉතිරි ත්‍රස්තවාදීන් ටිකත් විනාශ කරන්න.

ත්‍රස්තවාදීන්ට අපේ රටේ තැනක් නෑ .අපි අලුතින්  අණ පනත්  ගේන්න ලෑස්ති වෙනවා  ත්‍රස්තවාදී ක්‍රියාවල නිරතවන ජාති ආගම් පක්ෂ පන්ති කුල මල බේදවලින් තොරව ත්‍රස්තවාදී ක්‍රියාවල නිරතවන  සියලු දෙනාටම තදින් පියවර ගෙන   මරණිය දණ්ඩනය ලබා  දෙන්න කටයුතු කරනවා.

අපේ රට සොඳුරු රටක්.අපේ රට තුල සොඳුරු  රාජ්‍ය පාලනයක්  ක්‍රියාත්මක කරන්න ඕන .නමුත් යම් කිසි කොට්ඨාසයක් උත්සාහ කරනවානම් ජන්ද බලයෙන්  තොරව සිය දිවි නසා ගෙන ජීවිත සහ දේපළ විනාශ කරන්න කවුරු හරි පුද්ගලයෙකු හෝ කණ්ඩායමක්  උත්සාහ කරනවානම් ඒවාට සම්බන්ධ වන ඒවාට අනුබල දෙන ඒ කිසිවතුට අපේ සමාජයේ ජීවත්වන්න කිසිදු හැකියාවක් නෑ.

ඒ නිසා ත්‍රස්තවාදය තුරන් කිරීමේ ස්ථාවරයේ අපි දැඩි ව සිටිනවා. ත්‍රස්තවාදය විනාශ කරන ගමන් අපේ මාතෘ භූමියේ ජාති බේදයට ආගම්  බේදයට මේ  ප්‍රේමදාසගේ පුතා ඉඩ දෙන්නේ නෑ”

Read more

Local News