රණවිරු තොණ්ඩුව සජිත් දාගනිද ?

Share

ජනතා බදු මුදලින් යැපෙන ජනාධිපතිවරයෙකු බවට පත්වීමට තමාට කිසිඳු අවශ්‍යතාවක් නොමැති බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මහනුවර වත්තේගම ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් ඒ මහතා මේබව සඳහන් කළේය.

එහිදි ඔහු පැවසුවේ රණවිරුවන් වෙනුවෙන් යම් චෝදනාවක් පැමිිනයහොත් එම චෝදනා සියල් තමන් බාර ගැනීමය සුදානමින් සිටින බවයි.

රණවිරුවන්ට දමන තොණ්ඩුව තමන්ගේ බෙල්ලට දමා ගැනීමට තමන්  ඖනෑම අවස්ථාවකදී සුදානම් බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

ජනාධිපිති වීමේ තමන්ගේ අරමුණ පැහැදි කරමින් ඒ මහතා ප්‍රකාශ කළේ ඉතිහාසයේ වැඩි වශයෙන්ම ජනතාවට සේවය කළ එකම ජනාධිපතිවරයා තමන් වීම බවයි.

Read more

Local News