දේශපාලන පක්ෂ නියෝජිතයින් සහ මැතිවරණ කොමිසම හෙට හමුවෙයි

Share

දේශපාලන පක්ෂ නියෝජිතයින් සහ මැතිවරණ කොමිසමේ නිලධාරීන් අතර හමුවක් හෙට දිනයේ පැවැත්වීමට නියමිතයි.

හෙට(22) උදෑසන 10.00ට මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රයේදී මෙම රැස්වීම පැවැත්වෙන බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

ජනාධිපතිවරණය කැඳවීමෙන් අනතුරුව මැතිවරණ කොමිසමේ නිලධාරීන් සහ දේශපාලන පක්ෂ නියෝජියින් හමුවන තෙවන අවස්ථාව මෙය වන බව වාර්තා වෙයි.

මේ සඳහා සහභාගීවන ලෙස සියලු දේශපාලන පක්ෂ ලේකම්වරුන්ට දැනුම් දී ඇති බව එම ප්‍රකාශකයා සඳහන් කළේය.

මීට අමතරව මෙම අවස්ථාවට සහභාගීවන ලෙස මැතිවරණ නිරීක්ෂණ සංවිධාන වෙතද දැනුම් දී තිබේ.

මේ අතර නිළ ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපෑලට භාර දීම එළඹෙන 25 වනදා සිදුකෙරෙන බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.

කෙසේවෙතත් නොවැම්බර් මස 09 වන දින තෙක් නිළ ඡන්ද පත්‍රිකා නොලැබුණු ඡන්ද දායකයෙකු සිටීනම් ලඟම පිහිටි තැපැල් කාර්යාලයට ගොස් ජාතික හැඳුනුම්පත ඉදිරිපත් කර එම පත්‍රිකාව ලබා ගත හැකි බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

නිළ ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක් ලෙස නොවැම්බර් 03 වන ඉරිදා දිනය ප්‍රකාශයට පත් කර තිබේ.

Read more

Local News