දෙමළ පක්ෂ සහය දෙන්නේ කාටද ?

Share

තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට පෙර දෙමළ පක්ෂ සහයෝගය ලබාදෙන අපේක්ෂකයා සම්බන්ධයෙන් නිශ්චිත තීරණයක් ලබාදෙන බව ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ නායක මාවෙයි සේනාධිරාජා මහතා පවසයි.

සේනාධිරාජා මහතා පැවසුවේ උතුරු නැගෙනහිර බහුතරයක් රාජ්‍ය සේවකයින් තැපැල් ඡන්දය ලබාදීමට සුදුසුකම් ලබා ඇති බැවින් අදාළ පිරිස වෙනුවෙන් මෙවර ජන්දය ප්‍රකාශ කළ යුතු අපේක්ෂකයා සම්බන්ධයෙන් දෙමළ පක්ෂ තීරණය ලබාදෙන බවයි.

දෙමළ ජනතාව නියෝජනය කරන දෙමළ දේශපාලන පක්ෂ ජනාධිපතිවරණ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ නායකයින් සමඟ මේ සතිය තුළදි සාකච්ජාවක් පැවැත්වීමට නියමිත බවද ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ නායක මාවේයි සේනාධිරාජා මහතා පවසයි.

ඉදිරි ජනාධිපතිවරණයේදී සහයෝගය ලබාදෙන අපේක්ෂකයා සම්බන්ධයෙන් විමසීමේදී සේනාධිරාජා මහතා එලෙස පැවසුවේය.

සේනාධිරාජා මහතා පැවසුවේ යාපනය විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමය මැදිහත්ව දෙමළ දේශපාලන පක්ෂවල එකඟතාවය මත සකස් කළ යෝජනාවලිය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ නායකයින් සමඟ කොළඹදි සාකච්ජාවක් පැවැත්වීමට නියමිත බවයි.

සේනාධිරාජා මහතා වැඩිදුරටත් පැවසුවේ අගමැතිවරයා පසුගියදා යාපනය ප්‍රදේශයේ සිදුකළ සංචාරයේදී ප්ලෝට් සංවිධාන නායකත්වය හා ඊ.පි.ආර්.එල්.එෆ් පක්ෂ නායකයින් සමඟ එළැඹෙන ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සාකච්ජාවක් පවත්වා ඇති බවයි.

Read more

Local News