අඟලවත්තේ අඹුසැමි යුවලක් කපා කොටා ඝාතනය කරයි

Share

අඟලවත්ත පොලිස් වසමේ පුද්ගලයන් දෙදෙනෙකු කපා කොටා ඝාතනය කර තිබීයදී සොයා ගත් බව අඟලවත්ත පොලීසිය පවසයි.

අඟලවත්ත ඕමත්ත අටහවුලහේන ප්‍රදේශයේ තැන්නහේන වත්තේ ලැයිම් කාමරයක කපා කොටා ඝාතනය කර තිබූ අඹු සැමි යුවලක් මෙසේ ඊයේ(20) දහවල් පොලීසියට ලැබුණු තොරතුරක් මත සොයා ගෙන ඇත.

ඝාතනයක ලක්ව ඇත්තේ කස්තුරි ආරච්චිගේ තිලකසිරි නැමැති පනස් දෙහැවිරිදි(52) පුද්ගලයෙකු  සහ ජයවර්ධන ලියනගේ චාන්දනී ටෙක්ලා නම් හතළිස් නම(49) හැවිරිදි කාන්තාවකි.

පොලිස් හදිසි ඇමතුම් (119) අංකයට ලැබුණු තොරතුරක් මත අඟලවත්ත පොලීසිය විසින් මළ සිරුර සොයාගෙන තිබේ.

මෙම අඹුසැමි අඹු සැමි යුවළ අතර සෑම දිනකම පාහේ අඩ දබර සිදුවන බවත්,19 වන දින රාත්‍රීයේ ද මොවුන් දෙදෙනා කලහකාරිව කෑගසන ශබ්දය ඇසුණු බවත් අසල්වාසීන් පොලීසියට පවසා ඇත.

මියගිය දෙදෙනාගෙන් කාන්තාව බරපතළ තුවාල ලබා මියගොස් සිටි බව ද බව ද පොලීසිය සඳහන් කරයි.

ඝාතනය සිදු කළ පුද්ගලයන් පිළිබඳ තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැති අතර කළුතර කොට්ඨාස බාර පොලිස් අධිකාරී උපුල් නිල්මිණි ආරියරත්න මහතාගේ උපදෙස් මත අඟලවත්ත පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩී.එම්.විජයරත්න,පොලිස් පරීක්ෂක මුණසිංහ යන මහත්වරුන් ඇතුළු පොලිස් නිලධාරීන්  පිරිසක් සිද්ධිය පිළිබඳ මේ වන විට පරීක්ෂණ පවත්වමින් සිටිති.

Read more

Local News