රාජ්‍ය ආයතන 02කට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග

Share

රාජ්‍ය දේපල අවභාවිතය සම්බන්ධයෙන් නිවාස සංවර්ධන අධිකාරීයට සහ සමෘද්ධි අධිකාරියට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට මේ වනවිට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

අදාළ ආයතන මැතිවරණ නීති උල්ලංඝණය කරමින් එක් අපේක්ෂකයෙකු ප්‍රවර්ධනය වන ආකාරයෙන් කටයුතු කරමින් සිටින බව ඔවුන් පෙන්වා දෙයි.

මේ පිළිබඳ ලද පැමිණිලි මත අවස්ථා ගණනාවකදී ඔවුන්ට ඒ සම්බන්ධයෙන් දැනුම් දුන්නද ඔවුන් කොමිෂන් සභාවේ අණ නොතකමින් කටයුතු කරමින් සිටින බව වාර්තා වෙයි.

ඒ අනුව ඉදිරියේදී නිවාස සංවර්ධන අධිකාරීයට සහ සමෘද්ධි අධිකාරියට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

මේ අතර මැතිවරණ නිරීක්ෂණයේ නිරත පැෆ්රල් සංවිධානය පෙන්වා දෙන්නේ රාජ්‍ය දේපළ අවභාවිතය සම්බන්ධයෙන් පැමිණිලි දිගින් දිගටම ලැබෙමින් පවතින බවයි.

Read more

Local News