සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් තිදෙනෙකු මරුට

Share

නිවිතිගල, කොස්වත්ත සහ කිලිනොච්චිය පොලිස් බල ප්‍රදේශවලදී සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ, නිවිතිගල පාරවත්ත ප්‍රදේශයට පැවති අධික වර්ෂාව සමග ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු මිය ගොස් ඇති බවයි.

එම අනතුරින් ඔහුගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා තුවාල ලබා ප්‍රතිකාර සඳහා නිවිතිගල රෝහලට ඇතුළත් කර තිබේ.

කොස්වත්ත දංකොටුව ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් 57 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්විය.

පොලීසිය සඳහන් කළේ, මාර්ගයේ ගමන් කරමින් සිටියදී මෝටර් රථයක ගැටීමෙන් ඔහු මිය ගොස් ඇති බවයි.

මේ අතර කිලිනොච්චිය ප්‍රදේශයේදී ටිපර් රථයක් සහ වෑන් රථයක් ගැටීමෙන් පුද්ගලයෙකු මිය ගොස් ඇති අතර 65 හැවිරිදි එම පුද්ගලයා පලාලි ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

Read more

Local News