අනිවාර්යෙන් එක් අයෙකුට හෝ මරණීය දණ්ඩනය දෙනවා – ජනපති

Share

මාධ්‍ය නිදහස උපරිමයෙන් තහවුරු කළ ඉකුත් යුගයේ වැඩිම විවේචනයට ලක් වූ පුද්ගලයා තමා වුවද ඒ කිසිවෙකුට ප‍්‍රතිප‍්‍රහාර සිදුකිරීමට තමා කටයුතු නොකළ අතර එකී මාධ්‍ය නිදහස මේ රටේ තාරණ්‍යයද උපරිමයෙන් භුක්ති විඳිමින් සිටින බව ජනාධිපතිවරයා පවසයි.

තාරණ්‍යය බල ගැන්වීම සහ ඔවුන්ගේ වරප‍්‍රසාද දිනා දීම වෙනුවෙන් තම පාලන කාලය තුළ විශේෂ වැඩකොටසක් ඉටු කළ බව ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේ ඊයේ(20) පස්වරවේ කොළඹ පුද්ගලික හෝටලයකදී පැවති ජාතික තරුණ ආදර්ශ එක්සත් ජාතින්ගේ සංවිධානයේ තෙවැනි සමුළුව අමතමිනි.

තරුණයන් බලගැන්වීම, අදහස් පුළුල් කිරීම, අවිආයුධ නොගෙන ප‍්‍රශ්නවිසඳන ආකාරය අවබෝධ කරවීමේ අරමුණින් මෙම සමුළුව සංවිධානය කර තිබු අතර දිවයිනම නියෝජනය වන අයුරින් තරුණ තරුණියන් හාරසියකට වැඩිපිරිසක් ඊට එක්ව සිටියහ.

තරුණ තරුණියන් නැගු ප‍්‍රශ්න කිහිපයකට ද මෙහිදී ජනාධිපතිවරයා විසින් පිළිතුරු ලබාදුන් අතර ජනාධිපතිවරයා පෙන්වාදුන්නේ තරුණයන් දේශපාලනයට පිවිසෙන්නේ නම් ඔවුන් උගතුන් විය යුතු අතරම පරමාදර්ශී චරිත ද වියයුතු බවයි.

උගතුන් සිටින රටක ගැටලූ අවම වන අතරම, එමරට සංවර්ධනය කරා ගමන් කරන බව පෙන්වාදුන් ජනාධිපතිවරයා එවිට රාජ්‍ය පාලනයද යහපාලනයක් බවට පත් වන බවකියා සිටියේය.

මත්ද්‍රව්‍ය ගැටලූවපිළිබඳව ද මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියාසිටියේ මත් උවදුරෙන් මේරටේ තරුණපරපුර ගලවා ගැනීම සඳහා තමා දැඩි වෙහෙසක් ගෙන කට යුතු කළ බවයි.

මත්ද්‍රව්‍යජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමට තමා තින්දු කළද ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනුකෙරුණු අතර එම නඩු තීන්දුවට තමාට හිසනැමීමට සිදුවන බවත් යම්හෙයකින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමට පක්ෂව එමනඩු තීන්දුව ලැබුණහොත් තම නිල කාලය අවසන් වීමට පෙර මේ රටේ තාරණ්‍යය වෙනුවෙන් එක් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට හෝ මරණීය දණ්ඩනය ලබාදීමට කටයුතු කරන බව ද ප‍්‍රකාශ කළේය.

කථානායක කරූජයසූරියමහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Read more

Local News