සජිත්ගේ ඡන්ද පොරොන්දු

Share

තමා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු වතු කම්කරුවන්ගේ දෛනික දීමනාව රුපියල් 1500ක් දක්වා වැඩි කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

හැටන් ප්‍රදේශයේ ඊයේ(20) පැවති ජන රැලියකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

“එක්ව ඉදිරියට “යන තේමාව යටතේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සහභාගි වන ජනරැලි මාලවේ තවත් රැලියක් ඊයේ ගෙලිඔය නගරයේදී පැවැත්විය.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා මෙහිදී අදහස් දක්වමින් පවසා සිටියේ, ඡන්ද ප්‍රකාශනය එලඹෙන 1 වන දින ඉදිරිපත් කරන බවයි.

මේ වන විටම රහසි ගත ගිවිසුම් ඇති බවට පවසන බවත් කියා සිටි ඔහු, තොණ්ඩමන් මහතා සමඟ සිදුකරන ගිවිසුම් පිළිබඳ කිසිදු දෙයක් විවෘතව නොපවසන බවද කියා සිටියේය.

පිල්ලයාන්ලා සමඟත් ගිවිසුම් ඇති බව පවසා සිටි හකීම් මහතා, තම අපේක්ෂකයා කිසිවෙකුට යටත්ව මෙම මැතිවරණය නොකරන බව ඉතා පැහැදිලිව පැවසු ඔහුට එම නිදහස ලබා දුන් බවත් සඳහන් කළේය.

මෙහිදී අදහස් දැක්වු සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ, එක් එක් කර්මාන්ත එම ප්‍රදේශයේ ඇති බවත් ඒවා සිදු කිරීමට අද වන විට බාධා නිර්මාණය වී ඇති බවත්ය.

තමා ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කරන විට එක පෑන් පහරින් සියලු බාධා ඉවත් කිරීමට පොරොන්දු වන බවත් කියා සිටි ප්‍රේමදාස මහතා, තමා මේ රටේ ඇති වු සමාජ, දේශපාලන හා සමාජ විප්ලවය ඇති කිරීමට බලාපොරොත්තු වන බවත් පැවසීය.

අනතුරුව සජිත් ප්‍රේමදාස මහතා සහභාගි වූයේ හැටන් නගරයේ සංවිධාන කළ ජනරැලියටයි.

Read more

Local News