එජාප ජනතාවගේ නිවසකින් වතුර උගුරක් හෝ බීලා නැති අපේක්ෂකයා මෙන්න

Share

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා වු පසු සිදු කරන වැඩපිළිවෙල පිළිබඳ ඇතැම් පිරිස් අසත්‍ය කරුණු ප්‍රචාරය කරන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

සුරියවැව ප්‍රදේශයේ ඊයේ(20) පැවති ජනහමුවකදි විපක්ෂ නායකවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේ එවන් අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන ලෙසයි.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ සූරිවැව විහාරගල මංසන්ධියේදි ජනහමුවක් සංවිධාන කර තිබුණි.

නොවැම්බර් මස 16 වන දින ඓතිහාසික දිනයක් බවත්, එය රට ජාතිය බේරා ගැනීමේ දිනයක් බවත් පැවසු විපක්ෂ නායකවරයා, රට නොකැඩී තබා ගැනීමට හා රටට ආරක්ෂාව ලබා දීමට 16 වන දා උදේ පානදර ඡන්ද පොළට ගොස් ගෝඨාභය රාජපක්ෂ මහතා දිනවීමට කටයුතු කරන්නැයි මෙහිදී පැවසීය.

වසර 30ක යුද්ධය අවසන් කළ බවත් එයට ගෝඨාභය රාජපක්ෂ මහතා විශාල කැපකිරීමක් සිදුකල බවත් කියා සිටි මහින්ද රාජපක්ෂ මහතා, අද වන විට ඔහුව දේශාපලනික වශයෙන් ඝාතනය කිරීමට උත්සහ කළ බවත් කියා සිටියේය.

ඊයේ දිනයේ දී රථ වාහන පොලිසියේ නිලධාරියෙක් තමාට කථා කර අපේ වැඩ යුද හමුදාවට ලබා දීමට යනවා දැයි ඇසු බවත් කියා සිටි මහින්ද රාජපක්ෂ මහතා, එවැනි දෙයක් හමුදාව සිදු කර ඇත්තේ කවදාදැයි ඇසු බවත්, මෙවැනි ප්‍රචාර බොරු ගෙනියන බවත්, ඒවාට නොරැවටී නිදිමරන කෙනෙක් නොව රටට වැඩ කරන කෙනෙක් පත් කර ගන්නා ලෙසත් පැවසීය.

මේ අතර ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ සුරියවැව මැතිවරණ කාර්යාලය විවෘත කිරිමද ඊයේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.

එම ස්ථානයට විපක්ෂ නායකවරයා පැමිණෙන අවස්ථාවේ ජනතාවගෙන් උණුසුම් පිළිගැනීමක් හිමි විය.

මෙහිදී අදහස් දැක්වු මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ, නිවාස කිසිදු සැලසුමක් නොමැතිව සාදන බවත්, ඒවා නිකන් දෙන බව පැවසුවත් මාසයකට වරක් නිවසට පැමිණ සල්ලි ඉල්ලුවහම පොලියට ලක්ෂ 6 ක් දී ඇති බවත් පැවසීය.

අපේක්ෂකයාගේ නම මෙහිදී නොපවසන බවත් කියා සිටි මහින්ද රාජපක්ෂ මහතා, කිසිවිටකත් එම අපේක්ෂකයා එජාප ජනතාවගේ නිවසකින් වතුර උගුරක් හෝ බීලා නැතැයි ද කියා සිටියේය.

ජනතාව වෙනුවෙන් යැයි පැවසුවත් අතට අත දුන් විට අත සෝදා ගන්නා බවත්, එයා ජනාධිපති වුණ විට ඔහු නොව බිරිඳ ආර්යාව වෙන බවත් සඳහන් කළේය.

Read more

Local News