උතුරු හා නැගෙනහිර පළාත්වල පරිපාලන භාෂාව දමිල භාෂාව

Share

ශ්‍රී ලංකාවේ සිවුවැනි ව්‍යවස්ථාවේ 22 වැනි වගන්තිය අනුව උතුරු හා නැගෙනහිර පළාත්හැර ඉතිරි පළාත් තුළ පරිපාලන භාෂාව ලෙස සිංහල භාෂාව දන්වා ඇති බවත් ඒ අනුව උතුර හා නැගෙනහිර පළාත් තුළ පරිපාලන භාෂාව දමිල භාෂාව බව විය යුතු බවත් අමාත්‍ය මනෝ ගනේෂන් මහතා සඳහන් කරයි.

ඒ අනුව එම පළාත තුළ මුලින්ම දමිල භාෂාවත් පසුව සිංහල භාෂාව යොදා ගන්නා බවත් අනෙකුත් පළාත් තුළ මුලින් සිංහල භාෂාවත් පසුව දමිල භාෂාවත් යොදා ගන්නා බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. සිය ට්විටර් ගිණුම හරහා ප්‍රකාශයක් කරමින් ඔහු පවසන්නේ එය ප්‍රජාතන්ත්‍රවාදය බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලඥයින් වන විමල් වීරවංශ මහතා ඇතුළු පිරිසට ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව කියවීමට හෝ තේරුම් ගැනීමට නොහැකි බවත් ඒ හරහා ශ්‍රී ලංකාවේ භාෂා ප්‍රතිපත්තිය තීරණය කිරීමට කටයුතු කරන බවත් ඔහු පෙන්වා දෙයි.

එය ජාතිවාදය බව පෙන්වා දෙන අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ ජනපතිවරයාට කිසියම් දිස්ත්‍රික්කයක භාෂාමය ජනගනත්වය සළකා බලමින් යම් භාෂාවක් එම පළාතේ පරිපාලන භාෂාව බවට භාවිත කළ හැකි යැයි නියෝගයක් නිකුත් කළ හැකි බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.

Read more

Local News