තෙවැනි එක්දින තරගයේ ජය ඉන්දියාවට

Share

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමග විශාකාපට්නම් හිදී ඊයේ පැවැති තෙවැනි එක්දින තරගයෙන් කඩුලු 8ක පහසු ජයක් අත්කරගත් සත්කාරක ඉන්දියානු කණ්ඩායමට හැකි විය.

ඒ අනුව තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය 2-1ක් ලෙස ජය ගැනීමට සමත් වූහ. ඉන්දියාව පිට පිට වාර්තා කළ 8වැනි එක්දින තරගාවලිය ජයග්‍රහණය මෙයයි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල ලකුණු 215කට සීමාකළ ඉන්දියානු කණ්ඩායම පන්දු 107ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසුකළේ කඩුලු 2ක් පමණක් අහිමිකර ගනිමිනි.

කාසියේ වාසිය දිනාගත් ඉන්දීය නායක රෝහිත් ෂර්මාගේ ඇරැයුමෙන් පළමු පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල ලකුණු 15දී බිඳ වැටුණත් උපුල් තරංග සහ සදීර සමරවික්‍රම එක්ව දෙවැනි කඩුල්ලට ලකුණු 121ක අගනා සම්බන්ධතාවක් ගොඩ ගනිමින් ශ්‍රී ලංකා ඉනිම ඉහළට ඔසවා තැබීමට සමත්වූහ. ළහිරු තිරිමාන්න වෙනුවට ඊයේ තරගයට ක්‍රීඩා කළ සදීර අගනා ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 57කදී හතරේ පහර 5ක් සමගින් ලකුණු 42ක් රැස් කිරීමට සමත් විය.

Read more

Local News