දියතලාව ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපීඨයේ 92 වන විසිර යාමේ පෙළපාලිය

Share

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් දියතලාව ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපීඨයේ 92 වන විසිර යාමේ පෙළපාලිය ඊයේ (17) පැවැත්විණි.

දියතලාව යුද හමුදා විද්‍යාපිඨය වෙත ගිය ජනාධිපතිවරයා එහි සේනාවිධායක බ්‍රිගේඩියර් ප්‍රීයන්ත සේනාරත්න මහතා විසින් මහත් ගෞරවයෙන් යුතුව පිළිගැනීමෙන් අනතුරුව ජනාධිපතිවරයා විසින් රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීය.

මෙහිදී කෙඩෙට් නිලධාරීන් සහ නිලධාරිනියන් 191 දෙනෙකු සාර්ථක යුද හමුදා පුහුණුවකින් පසු අධිකාරි නිල ලබා යුද හමුදා සේවයට එක්වනු ඇත.

පුහුණු කාලය තුළ විශිෂ්ඨ දක්ෂතා පෙන්වූ නිලධාරීන් සිව් දෙනෙකු වෙත සංකේතාත්මකව අසිපත් ප්‍රදානය කළ ජනාධිපතිවරයා, ඔවුන් දෙවන ලුතිනන් නිලයේ පිහිටුවමින් උරහිස් ලාංඡන පැළැදවීම ද සිදුකළේය.

 

Read more

Local News