සුජීවට, ගම්මන්පිලගෙන් සිහි කැදවීමක්

Share

කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ මහතාට දේශපාලනයෙන් සමු ගන්නට කාලය හරි බව බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

අද(22) පැවති මාධ්‍ය හමුවක් අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ පැවසීය.

“ 2019 ඔක්තෝම්බර් 17 වෙනි දා මාධ්‍ය හමුවක් පවත්වමින් සුජීව සේනසිංහ මැතිතුමා හරි අපුරු ප්‍රකාශක් කළා. ඒ තමයි සජිත් මැතිතුමා දූෂණයකට සම්බන්ධ බවට ඔප්පු කරන්න අවශ්‍ය තොරතුරක් හමු වුණොත් මම දේශපාලනයෙන් ඉවත් වෙනවා.

වත්මන් ආණ්ඩුවේ වංචා දූෂණ සෙවීමේ පත් කළ ජනාධිපති කොමිසමේ වාර්තාවේ අවසන් වෙළුමේ පළමු  කණ්ඩයේ පිටු 186 සිට 203 දක්වා වෙන් කර තිබෙන්නේ සජිත් මැතිතුමාගේ දූෂණ ගැන කතා කරන්නයි.

නීති විරෝධීව සේවකයින් 1117ක් බඳවා ගැනීමෙන්ද වසර 60ට වැඩි සේවකයින් තිස්දෙනෙකුට සේවා ලබා දීමෙන් ද මහජන මුදල් කෝටි 64ක් අවභාවිතා කර ඇති බැවින් අල්ලස් පනතේ 70 වන වගන්තිය යටතේ සජිත් ප්‍රේමදාස මැතිතුමාට නඩු පවරන්න කියා මේ වාරතාවේ සඳහන් වෙනවා.

ඔන්න සුජීව ඇමතිතුමනි, ඔබ තුමා ඉල්ලුවේ තොරතුරක් පමණක් වුණාට අපි සාක්ෂි සහිතව වාර්තාවක්ම ඉදිරිපත් කළා. දැන් ඉතින් දේශපාලනයෙන් සමු ගන්න කාලය හරි කියලා එතුමාට සිහිපත් කරනවා.“

Read more

Local News