ගෝඨාගේ ඇමෙරිකානු තීන්දුවට එරෙහිව ඇපෑලක්

Share

තමන්ගේ පියාගේ ඝාතනය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව කැලිෆෝනියා දිස්ත්‍රික් අධිකරණයේ පැනවූ නඩුව නිශ්ප්‍රභ කිරීමට එරෙහිව ඇපෑලක් ගොනු කරන බව ඝාතනය කළ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය වන  අහින්සා වික්‍රමතුංග  පවසයි.

ඇය වෙනුවෙන් මෙම නඩුව යුක්තිය හා වගවීම  වෙනුවෙන් වූ මධ්‍යස්ථානය ගොනු කර තිබුණි.

මේ පිළිබඳව එම මධ්‍යස්ථානය වෙත ප්‍රකාශයක් කරමින් අහිම්සා වික්‍රමතුංග  සඳහන් කරන්නේ අදාළ නඩු තීන්දුව තම පියාගේ ඝාතනය වෙනුවෙන් යුක්තිය ඉල්ලා කරන සටන වෙනුවෙන් වූ පසූබෑමක් බවයි. එමෙන්ම ශ්‍රී ලංකාවේ සිදුවූ ජනමාධ්‍යවේදීයෙකුගේ ඝාතනයට යුක්තිය ඉටු නොවීමක් බවත් ඇය පවසයි.

“මගේ පියා සිවිල් පුද්ගලයෙක්. ඔහු තම කාර්යාලය වෙත වාහනයෙන් ගමන් කරන විට අමානුෂික ලෙස මහ මග ඝාතනය කළා. යම් කිසි මාධ්‍යවේදියෙකුගේ වාර්තා කරණයක් හේතුවෙන් ඔහුව ඝාතනය කිරීම නිල වැඩක් නෙමෙයි. මම හා මගේ නීතිඥ කණ්ඩායම මේ වෙනුවෙන් සටන් කරනවා. ඔවුන්ට නීතියෙන් හැංගීමට අවස්ථාව දෙන්නේ නෑ ” යැයිද ඇය සඳහන් කරන්නීය.

අහිම්සා වෙනුවෙන් පෙනී සිටින තීතිඥයින් සඳහන් කරන්නේ රාජ්‍ය නිලධාරියෙකු තම නිල රාජකාරීවලට පරිභාහිරව කටයුතු කිරීමේදී රාජ්‍ය නිලධාරී මුක්තියට යයටත් නොවන බවයි. විත්තිකරරු ඇමෙරිකානු ජාතිකයෙක් බවත් ඒ අනුව ඔවු ඇමෙරිකානු අධිකරණයන්ට වග කිව යුතු බවත් එම නීතිඥයෝ පෙන්වා දෙති.

Read more

Local News