රවී නරියට මුදල් ඇමතිකම දීම කුකුල්ලු බාර දුන්නා වගේ

Share

සැමට නීතිය එකලෙස ක්‍රියාත්මක වන රටක් නිර්මාණය කිරීමට තමන් සූදානම් බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ බදුල්ලේ පැවති ජන රැලියකට එක්වෙමින්.

ජාතික ජන බලවේගයේ තවත් ජන රැලියක් ඊයේ(22) පැවැත්වුණේ බදුල්ල සේනානායක පිටියේදීයි.

මෙහිදී අදහස් දක්වමින් අනුර කුමාර මහතා පවසා සිටියේ, බේදයකින් තොරව සියලු දෙනාට එක හා සමාන නීතියක් ඇති රටක් ගොඩ නැඟිය යුතු බවයි.

අද සමාජයේ මුළුමනින්ම තමන්ගේ ධනය හා බලය විසින් නීතිය යටපත් කර ඇතැයි පැවසු ඒ මහතා, පොලීසියේ මහත්වරුන්ට තමන්ගේ වෘත්තියේ ගරුත්වය තබා ගෙන නීතිය ඉටු කළ හැකි පානයක් තමා මේ රටේ ස්ථාපිත කරන බවත් පැවසීය.

එය රට ගොඩනැඟීමේ එක් පියවරක් බව පවසන බව කියාසිටි අනුර කුමාර මහතා, එසේ නොකර රටක් හැඳිය නොහැකි බවත් කියා සිටියේය.

රට කණපිට හරවලා යළි රට ගොඩනැඟීමට තමාට බලය දෙන ලෙසත් ඉල්ලා සිටි අනුර කුමාර මහතා, මේවා කරන්න කට්ටිය නෑ නේද යනුවෙන් මෙහිදී ප්‍රශ්න කර සිටියේය.

චන්ද්‍රිකා මැතිනිය මුදල් අමාත්‍යවරයා වශයෙන් සිටි බවත් ඇය ආර්ථික විද්‍යාව සාමාන්‍ය පෙළ පන්තියට හෝ ඉගෙන ගත්තා දැයි තමා නොදන්නා බවත් කියා සිටි අනුර කුමාර මහතා, මහින්ද රාජපක්ෂ මහතාත් මුදල් ඇමති ලෙස සිටි බවත් ඔහු ගැන කථා කර වැඩක් නොමැති බවත් පැවසීය.

රවී කරුණානායකට මුදල් ඇමතිකම “නරියට කුකුල්ලු බාර දුන්නා වගේ“ යනුවෙන් ද පැවසු ඒ මහතා, මංගල සමරවීරට ආර්ථික විද්‍යාව ගැන ඇත්තේ කුමන දැනුමක් දැයි මෙහිදී  ප්‍රශ්න කර සිටියේය.

මේ සියලු දෙනාට වැඩිට හඳුන්නෙත්ති සහෝදරයාට ආර්ථිකය ගැන දැනුම ඇතැයි පැවසු අනුර කුමාර මහතා, අවශ්‍ය නම් හැප්පිලා බලමු මුදල් හෝ ඒ විෂය සම්බන්ධයෙන් යැයි ද මෙහිදී පැවසීය.

සියලු අංශ මෙවැනි තත්ත්වයක් ඇති බව පැවසු ඒ මහතා සෞඛ්‍ය කේෂ්ත්‍රය දියුණු කළ හැකි හොඳම කණ්ඩායම තමා සතු යැයි ද කියා සිටියේය.

මේ අතර පත්ව සිටි සියලු පරිසර අමාත්‍යවරුන්ට වඩා පරිසරය ගැන දැනුම සමන්ත විද්‍යාරත්න මහතාට ඇති බවත් කියා සිටි අනුර කුමාර මහතා සියලු දේට වැඩියෙන් “දක්ෂතාවය හැකියාව ඇති ටීම් එකක් සමඟ මෙවර ජනතා බලාවේගය ගොඩ නැඟී “ ඇතැයි ද පැවසිය.

Read more

Local News