එජාප අපේක්ෂකයා 8 පාස්ද ?

Share

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සහ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ වෘත්තිකයින් පිරිසක් හමුවිය.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ නීතීඥවරු සහ වෛද්‍යවරුන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සහ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් සමඟ හමුවක් පැවැත්විය.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වු මහින්ද රාජපක්ෂ මහතා පවසා සිටියේ, වෛද්‍ය විද්‍යාලයට ඇතුල් වීමට චන්ද්‍රිකා මැතිනියට එක ලකුණක් පමණක් මදි වු බවයි.

එදා සිටි වෛද්‍ය බලවර්ධන දොස්තර කෙනෙක් වෙන්න තියෙන අමාරුව දැන් තේරෙනවා නේද යනුවෙන් ඇසු බවත් කියා සිටි මහින්ද රාජපක්ෂ මහතා, ජනාධිපතිවරයෙක් වෙන්න තියෙන ලේසිය පේනවා නේද යනුවෙන් මෙහිදී ඔහු පැවසු බවත් කියා සිටියේය.

අද ඊටත් වඩා ප්‍රශ්නයක් ඇති බව කියා සිටි රාජපක්ෂ මහතා, අද මේ රටේ බලය දෙන්න යන්නේ 8 පාස් නැති අයෙක්ට බවද පැවසීය.

මෙය පවසන්නේ තමා නොව එජාපයේ මන්ත්‍රීවරු බවත් කියා සිටි ඒ මහතා, උපාධියක් තියෙනවා කියන්නේ කෙසේ ද යනුවෙන් ප්‍රශ්න කර සිටියේය.

ජනාධිපතිවරයෙක්ගේ පුතෙක් නිසා උපාධියක් ලබා දී ඇති බවත් පැවසු රාජපක්ෂ මහතා එය හරියට මර්වින් සිල්වා මහත්තයාටත් දීලා තියෙන උපාධිය වැනි එකක් යැයි  පැවසීය.

අද ඉන්න අපේක්ෂකයාගේ දකුණු අත වැනි අමාත්‍යවරයෙක් සිය තාත්තා නිසා බේරුණා කියලා පවසන බවත්, තාත්තා පල්ලි යන්න එපා කියව්ව නිසා ඔහු නොගියත් රටේ ජනතාවත් බේරා ගැනීමට ඔහුට අවකාශ තිබු බවත් කියා සිටියේය.

එවැනි අමාත්‍යවරයෙක් අද ජනාධිපති අපේක්ෂකයෙකයාගේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කරන බවත් මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

Read more

Local News