රටේ පාලකයින්ගේ වගකීම ගැන සජිත් කියයි

Share

රටේ පාලකයන්ගේ වගකීම වන්නේ රාජ්‍ය සම්පත් පොදුජන යහපත උදෙසා භාවිත කිරීම බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඊයේ(22) පස්වරුවේ මාළඹේ නගරයේ පැවති ජන හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කරන ජන හමුවක් ඊයේ පස්වරුවේ මාළඹේ ප්‍රධාන බස්නැවතුම්පල අසලදි පැවැත්වුණි.

මේ අතර නිවැරදි ක්‍රමවේදයන් තුළින් පිරිසිදු ගමන් මඟක් අනුගමනය කිරීමට තම විසින් ආණ්ඩුව කටයුතු කරන බව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂකවරයා  සඳහන් කළේය.

රටේ පාලකයින්ගේ වගකීම වන්නේ රටේ රාජ්‍ය සම්පත සහ මුදල් සම්පත තමන්ගේ බුදලය වගේ භාවිතා නොකර පොදු ජන යහපත උදෙසා එම අරමුදල් භාවිතා කළ යුතු බව ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි.

මේ අතර රටේ ත්‍රිවිධ හමුදාවට සහ පොලීසියට ඇතුළු සියලුම ආක්කෂක අංශවලට දියයුතු සියලුම සහන ලබාදීමට කටයුතු කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

Read more

Local News