Tuesday, March 19, 2024.

අද රටට අවශ්‍යව ඇත්තේ දුටුගැමුණු කෙනෙක් – SB

Share

වේදනාවෙන් ඉන්න සියලු දෙනා වෙනුවෙන් දැක්මක් පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා පවසයි.

අද(23) මහනුවර, තලාතුඔය ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.

2005 නොවැම්බර් 19 අඳුරු යුගය අවසන් කරමින් විපක්ෂ නායක, මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන් බවත් පැවසු ඒ මහතා, ඒ වන විට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උතුරු නැගෙනහිර ගිවිසුමකින් එල්.ටී.ටී.ඊ ත්‍රස්තයන්ට ලියා දී සිටි බවත් පැවසීය.

2002 ලෝකයේ බලවත්ම ත්‍රස්තවාදය ලෙස එල්.ටී.ටී.ඊ සංවිධානය එක්සත් ජාතින් විසින් හඳුන්වා දෙන ලැබු බවත්, ප්‍රභාකරන්ට බාර දී තිබු රට මහින්ද රාජපක්ෂ මහතා විසින් නිදහස් කර ගත් බවත් කියා සිටියේය.

එපමණක් නොව උතුරු විමුක්ති සටනේ දසමහ යෝධයා වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා වන බවත් කියා සිටි මන්ත්‍රිවරයා, රාජපක්ෂ යුගය කිසිදා දෙමාපියන්ට අමතක නොවන බවද පැවසීය.

යුද ජයග්‍රහණයෙන් පසුව ගෝඨාභය මහතාට නාගරික සංවර්ධන අධිකාරිය බාර දුන් බවත්, පසුව කොළඹ නගරය දකුණු ආසියාවේ වේගයෙන් සංවර්ධනය වෙන නගරය බවට පත් වු බවත් කියා සිටියේය.

ත්‍රස්තවාදීන් සෑම තැනකම සිටින බවත් පැවසු දිසානායක මහතා, අවස්ථාවක් ලද විගස ඔවුන් රට තුළට පැමිණීමට බලා සිටින බවත් පැවසීය.

අද රටට අවශ්‍යව ඇත්තේ දුටුගැමුණු කෙනෙක් නැතිනම් රාජපක්ෂ කෙනෙක් යනුවෙන් ද කියා සිටියේය.

අද වන විට රට අනාරක්ෂිත බවත් දුටුගැමුණු යුගයක් මේ වන විට අවශ්‍ය වී ඇතැයි ද පැවසුමන්ත්‍රීවරයා, ප්‍රගතිශීලි ජනතාව හා මහා සංඝරතනය සමඟ මේ රට භාර ගන්නැයි ගෝඨාභය රාජපක්ෂ මහතාට මෙහිදී ඇරයුම් කර සිටියේය.

Read more

Local News