Tuesday, March 19, 2024.

මාධ්‍ය පාලනය යනු මිත්‍යාවක් – මැකො

Share

මාධ්‍ය පාලනය යනු මිත්‍යාවක් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

ඔහු වේ බව පැවසුවේ අද (23) පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

ලෝකයේ කිසිම රටක ජන මාධ්‍ය පාලය කර නොමැති බවත් එය සිදු කළ හැක්කේ යකඩ සපත්තු පැලද සිටින අයුධ අතැති පුද්ගලයන්ට බවට ඒ මහතා පැවසීය.

නමුත් මාධ්‍යවල එකඟතාවයක් ඇතිව මාධ්‍ය සදාචාරයක් ඇති කළ හැකි බවද ඒ මහතා පෙන්වා දෙයි.

මාධ්‍ය උපමානවලට අනුගතව කටයුතු නොකරන රාජ්‍ය මාධ්‍ය ආයතනවල ආයතන ප්‍රධානින්ට සහ එම නිලධාරින්ට මැතිවරණ කොමිසන් සභාවේ විදිවිධාන වලට අනුගත නොවී කටයුතු නොකිරීම මත ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවට අනුව නීතිමය පියවර ගෙන දඬුවම් ලබා දීමට කටයුතු කරන ලෙසට දන්වා ගැසට් නිවේදනයක් නිකුත් කරන බවද ඒ මහතා එම මාධ්‍ය හමුවේදි ප්‍රකාශ කළේය.

නමුත් පෞද්ගලික මාධ්‍ය සඳහා එලෙස කටයුතු කර නොහැති බැවින් සෑම අපේක්ෂකයෙකුටම යම කාලයක් ලබා දෙන ලෙස සෑම පෞද්ගලික මාධ්‍යකටම දන්වා සිටින බවද ඒ මහතා පැවසීය.

එමෙන්ම දේශපාලඥයින් නැතිනම් මැතිවරණ කොමිසමටද කිරිමට දෙයක් නොමැති බවද ඒ මහතා එහිදි හස්‍ය උපදවමින් ප්‍රකාශ කළේය.

පෞද්ගලික මාධ්‍ය පාලනය කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව මැදිහත් වුවහොත් “උගේ ගෙදරින් ගෙනල්ලද ඒක “යනුවෙන් ඇතැම් පිරිස් විමසන බවද ඒ මහතා පවසයි.

මෙවැනි ගැටළු සඳහා සිවිල් සමාජ සංගම් මැදිහත් විය යුතු වුවත් ඔවුන්ද දේශපාලනීකරණය වී ඇති බවද ඒ මහතා පෙන්වා දෙයි.

එහිදි මාධ්‍යවේදියෙකු නැගු ප්‍රශ්ණයකට පිලිතුරු දෙමින් ඒ මහතා පැවසුවේ මැතිවරණ කොමිසමට බල පා ඇති තවත් ප්‍රබල ගැටළු තිබේන බවයි.

ඡන්ද පත්‍රිකාවේ දිග වැඩීම නිසා ඡන්දය භාවිතා කිරීමෙන් අනතුරු එය නිවැරදි කාලය තුල ගනන් කිරීමට සහ ඡන්ද පෙට්ටි ප්‍රමානවත් නොවීම මෙන්ම ප්‍රවාහන ගැටළු රැසක් පවතින බවද ඒ මහතා ඒහිදි පෙන්වා දුන්නේය.

සියළුම අපේක්ෂකයන්ට එකාකාරිව සැලකියව යුතු යනුවෙන් එළඹෙන මැතිවරණයේදි යම් වගන්තියක් ඇතුලත් කිරීමටවත් සිදුවේයැයි ඒ මහතා පැවසීය.

Read more

Local News