Tuesday, March 19, 2024.

පාඩු ලබන රාජ්‍ය ආයතන ලාභ ලබන ආයතන බවට පත්කරනවා

Share

පාඩු ලබන රාජ්‍ය ආයතන සිය පාලනයක් යටතේ ලාභ ලබන ආයතන බවට පත්කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ගම්පොළ පැවති ජන රැළියකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කරන ජන රැලි මාලාවේ තවත් ජන රැලියක් ඊයේ(23) පස්වරුවේ ගම්පොළ නගර මධ්‍යයේදි පැවැත්වුණි.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාද ජන රැළියට සභාගිවු අතර ඒහිදි රැස්ව සිටි පිරිසෙගන් හිමිවුයේ උණුසුම් පිළිගැනිමකි.

Read more

Local News