ජාතික හැඳුනුම්පත් මුද්‍රණය කරන පත්‍රිකා හිඟයක්

Share

ජාතික හැඳුනුම්පත් මුද්‍රණය කරන පත්‍රිකා හිඟයක් මතුව ඇතැයි පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.

එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ, මේ හේතුවෙන් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් වෙනුවෙන් තාවකාලික සහතිකයක් නිකුත් කිරීමට තීරණය කර ඇති බවයි.

විභාගයට පෙනී සිටීම සඳහා එම තාවකාලික සහතිකය වලංගු වන බව විභාග කොමසාරිස් ජනරාල්වරයාට දැනුම්දී ඇතැයි ද පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

ජාතික හැඳුනුම්පත් මුද්‍රණය කරන පත්‍රිකා මිලියනයක් ඇනවුම් කර ඇතත් මෙතෙක් එය ලැබී නැත.

අදාළ නිලධාරියා සඳහන් කළේ, ලබන නොවැම්බර් මස පළමු සතිය තුළ එම තොග ලැබෙනු ඇති බව අපේක්ෂා කරන බවයි.

Read more

Local News