මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් 03ක් අත්අඩංගුවට

Share

මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් තිදෙනෙකු වැලිමඩ, බොරලන්ද හන්දිය අසලදී අත්අඩංගුවට ගෙන තිබේ.

වැලිමඩ පොලිස් ස්ථානයේ නිලධාරින්ට ලද තොරතුරක් මත ත්‍රිරෝද රථයක් නවතා පරික්ෂා කිරීමේදී මෙම මත්ද්‍රව්‍ය හමුවී ඇති බව පොලීසිය සඳහන් කළේ.

හෙරොයින් ග්‍රෑම් 02 මිලිග්‍රෑම් 900ක්, අයිස් මිලිග්‍රෑම් 500ක් සහ කේරළ ගංජා ග්‍රැම් 104ක් එම ත්‍රිරෝද රථයේ තිබී පොලිසිය විසින් සොයාගෙන තිබේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ ගුරුතලාව, වැලිමඩ ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි 29 හැවිරිදි සහ 31 හැවිරිදි වයස්වල පසුවන පුද්ගලයින් තිදෙනෙකි.

Read more

Local News