කොරියාවේ රැකියාවකට ගිය අයෙක් ඝාතනය කෙරේ

Share

‍දකුණු කොරියාවේ රැකියාවක් සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකික තරුණයෙකු ඝාතනය කර තිබේ.

ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් සිදු වූ පහරදීමකින් මෙම ඝාතනය සිදුව ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේය.

එහිදි තවත් ශ්‍රී ලාංකිකයින් කිහිප දෙනෙකු  තුවාල ලබා ඇති බව ද සඳහන්ය.

මොවුන් අතර  දීර්ඝ කාලයක සිට පවතින ආරවුලක ප්‍රතිඵලයක් ලෙස මෙම ඝාතනය සිදුව ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.

ඝාතනය සිදු කළ සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර ඒ සම්බන්ධයෙන් එරට පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.

Read more

Local News