නාමල්ට එරෙහි නඩුව පෙබරවාරි 27 වැනිදාට කැඳවයි

Share

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් හතර දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන පැමිණිල්ල ලබන පෙබරවාරි මස  27 වන දා යළි කැඳවන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියම කර ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරමින් අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 15 ක මුදලක් එන්. ආර්.කන්සල්ටන්සි නැමති සමාගම ආයෝජනය කිරීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළ බවට සැකකෙරෙන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් හතර දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන පැමිණිල්ල ලබන පෙබරවාරි මස  27 වන දා යළි කැඳවන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියම කර ඇත.

මෙම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරි කැඳවනු ලැබුවේය.

එහිදී පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය අධිකරණයට දන්වා සිටියේ මෙම පැමිණිල්ලට අදාළ විමර්ශන කටයුතු අවසන් කර වාර්තා සියල්ල උපදෙස් ලබා ගැනීම සඳහා නීතිපතිවරයා වෙත යොමුකර ඇති බවයි.

නීතිපති උපදෙස් මෙතෙක් ලැබී නොමැති බවද පොලීසිය අධිකරණය හමුවේ සඳහන් කර ඇත.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය පැමිණිල්ල නැවත පෙබරවාරි මස 27 වනදා කැඳවීමට නියම කළ අතර එදින නීතිපතිවරයාගේ උපදෙස් පිළිබඳව අධිකරණය දැනුවත් කරන ලෙස ද පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට නියම කළේය.

Read more

Local News