ජනපති කොමිසමේ පැමිණිලි විභාග කිරීම හෙට අවසන් වෙයි

Share

රාජ්‍ය ආයතනවල වංචා දූෂණ සෙවිමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ පැමිණිලි විභාග කිරීම හෙට (25) දිනයෙන් අවසන් විමට නියමිතව ඇත.

ජනාධිපති කොමිසමේ කාලය ලබන 31 වනදායින් අවසන් වීමට නියමිත බැවින් පැමිණිලි විභාග කිරීම අවසන් කිරීමට තීරණය කර ඇති බව එම කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

ඒ අනුව ඉතිරි දින කිහිපය පැමිණිලි විමර්ශනයේදී සටහන් කර ගත් සාක්ෂි සමාලෝචනය කර කොමිසමේ වාර්තාව සකස් කිරීම සඳහා වෙන්කර ඇති බව සඳහන්.

මේ අතර ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සඳහා පෙට්‍රල් මිල දී ගැනිමේදී සිදු වූ අක්‍රමිකතාවට අදාල සිදු කෙරෙන විමර්ශනය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා අර්පුණ රණතුංග අමාත්‍යවරයා සහ ධම්මක රණතුංග මහතා අද පෙරවරුවේ ජනාධිපති කොමිෂම වෙත පැමිණ ඇත.

Read more

Local News