TNA ඇතුළු දෙමළ පක්ෂ 5ක යෝජනා 13 දෙමළ ජනතාව මුලාවට පත් කිරිමක්ද ?

Share

දෙමළ ජාතික සන්ධානය විසින් උතුරේ දෙමළ ජනතාව රැවටීම හැරෙන්නට ජනතාවගේ සුභසිද්ධිය වෙනුවෙන් සිදුකල කිසිවක් මේ වන තුරු නොමැති බවට ඊ.පී.ඩී.පී. නොහොත් ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ නායක ඩග්ලස් දේවානන්ද මහතා පවසයි.

ඔහු මේ බව පවසා සිටියේ මේ දිනවල උතුරු ප්‍රදේශයේ ස්ථාන කිහිපයකදී පැවැත්වූ ජනහමු කිහිපයකදීය.

එහිදී ඩග්ලස් දේවානන්ද මහතා මන්නාරම තාල්පාඩු ඇතුළු ප්‍රදේශ කිහිපයක පැවති ජනහමුවලදී පවසා සිටියේ දෙමළ ජාතික සන්ධානය ඇතුළු අනෙකුත් දෙමළ පක්ෂ පහක් එක්ව ජනාධිපති අපේක්ෂකයින්ට ඉදිරිපත් කොට ඇති යෝජනා 13ට මේ වන තුරුත් කිසිදු අපේක්ෂකයෙකු සහාය පළ  කොට නොමැති අතරම එම යෝජනා දෙමළ ජනතාවගේ ගැටලු වෙනුවෙන් නොව එම පක්ෂවල හා නායකයින්ගේ පැවැත්ම වෙනුවෙන් ඉදිරිපත් කළ යෝජනා බවට පෙනී යන බවටයි.

එමෙන්ම මහින්ද රාජපක්ෂ පාලන සමයේ තමන් දිගු කාලයක් කටයුතු කළ  ඇති අතරම එතුමන්ගේ රජය යටතේ දෙමළ ජනතාවට විශාල මෙහෙයක් තමන්ට සිදු කිරීමට හැකි වූ බැවින් මෙවර ජනාධිපතිවරණයේදී  බුද්ධිමත්ව සිය ඡන්දය ප්‍රකාශ කිරීම ජනතාවගේ වගකීමක් බවටද ඩග්ලස් දේවානන්ද මහතා වැඩිදුරටත් පැවසීය.

Read more

Local News