ප්‍රහාරයේ වගකීම රජය සතුයි – ශෙහාන්

Share

පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ වාර්තාව හරහා රටේ දේශපාලන නායකත්වයත් සමස්ත රජයක් ප‍්‍රහාරයේ වගකීම භාර ගත යුතුය යන කාරණාව සනාථ වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

අද (24) පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ ප්‍රකාශ කළේය.

“මේ තේරීම් කාරක සභාවේ වාර්තාව හරහා අපේ රටේ දේශපාලන නායකත්වයත් සමස්ත රජයක් මේ ප‍්‍රහාරයේ වගකීම භාර ගන්න  ඕනා යන කාරණාව සනාථ වෙලා තියෙනවා.

මේ ප‍්‍රහාරය අප‍්‍රියෙල් මාසේ 21 වෙනිදා එල්ල වුණාට පසුව ඒකාබද්ධ විපක්ෂය ලෙස අපි දිගින්  දිගටම රජයට චෝදනා කෙරුවා.

රජය තුළ තිබුණු සම්බන්ධීකරණ දුර්වලතාවයන් නිසා සහ දේශපාලනය වශයෙන් මත කීපයක් මත  එකිනෙකාට චෝදනා එල්ල කරමින් සිටි අවදියක සිදුවූ ප‍්‍රහාරයක් ලෙස.

එහි වගකීම සම්පූර්ණයෙන් ම රජය භාරගත යුතුයි කියලා. නමුත් මාස හයකට පෙර ඔවුහු සියලූ දෙනා කිව්වේ රජය මෙම වගකීම ගැනීමට සූදානම් නැහැ කියලා.

මේ වෙනකොට පවතින යහපාලන රජය මේ ප‍්‍රහාරය සම්පූර්ණ වගකීම බාරගන්න භාරගන්න ඕන කියන එක මේ වාර්තාව හරහා සනාථ වී තියෙනවා.

මේ වාර්තාව ඉදිරිපත් කරන්න දින කිහිපයකට පෙර අපේ රටේ ආන්දෝලාත්මක සිදුවීමක් වුණේ රවුෆ් හකීම් මහතා පාස්කු දින ප‍්‍රහාරයට සම්බන්ධ සහරාන් සමඟ ඇති වූ සංවාදය හා ප‍්‍රහාරයෙන් පසුව මරාගෙන මැරුණු සහරාන් ගේ සොයුරා සමඟ සිටි ඡායාරූපයයි.

ඒක නිසා අපි දිගින් දිගටම චෝදනා කලා මේ ආණ්ඩුව විසින් පත් කළ තේරීම් කාරක සභාවේ පත්වෙලා ඉන්නේ නියෝජිතයන් සම්බන්ධ අපිට කිසිම විශ්වාසයක් නෑ කියලා.

ඒ පත්වුණු නියෝජිතයන් වරද කරුවන් ආරක්ෂා කරන්නත් මේ ප‍්‍රහාරයෙන් ඇති වුන හානිය වසන් කිරීමටත් කටයුතු කරා. රවුෆ් හකීම් ඇමතිවරයා ඊයේ මාධ්‍ය හමුවක් පවත්වා පාපොච්චාරණයක් සිදු කරා.

මේ පාස්කු දින ප‍්‍රහාරය කමිටුව සදාචාරාත්මකව කටයුතු කළානම් මේ සම්බන්ධයෙන් සැබැවින්ම ත‍්‍රස්තවාදී අන්තවාදි ප‍්‍රහාරයක් ලෙස සලකනවා නම් එකම තේරීම් කාරක සභාවේ සාමාජිකයෙකු ලෙස නම් කෙරුණු අවස්ථාවේ මේ කාරණා හෙළිදරව් කරන්න තිබුණා.

එතුමා වචනයක්වත් මේ සම්බන්ධව කතා කලේ නෑ.

ඒ වෙනුවට එතුමා තේරීම් කාරක සභාව තුළ වාඩිවෙලා ඒ විමර්ශන කටයුතුවලට සම්බන්ධ වුණා පමණක් නොවේ වර්තමාන ආණ්ඩු වේ මුස්ලිම් ඇමැතිවරු සියලූ දෙනා ඒ රජයේ ඉවත්වෙන්න නායකත්වය දෙන්න රවුෆ් හකීම් ඇමතිවරයා කටයුතු සිදු කරා.

ඉතාම පැහැදිලිව රවුෆ් හකීම් ඇමතිවරයා විසි එක් වෙනිදා ප‍්‍රහාරය සම්බන්ධව දැන දැනම එය ජනතාවගෙන් සහ රජයෙන් වසන් කරන්න කටයුතු සිදු කරලා තියෙනවා.

අපි ඉතාම කනගාටු වෙන්නේ අද සියලූ දෙනා සජිත් පේ‍්‍රමදාසගේ මැතිවරණ වේදිකාවේ ඉන්නවා. ජනතාව චෝදනා එල්ල කරන සියලූම දෙනාම රිෂාඞ් බදුරදීන් රාවුෆ් හකීම් අමාත්‍යවරයා අසාද් සාලි යන සියළුම දෙනා ඊළඟට රජයක් ඔවුන්ට ලබාදෙන ලෙස ඉල්ලීමක් ජනතාවට ඉදිරිපත් කරනවා.

ඔවුන් පාස්කු දින ප‍්‍රහාරය චූදිතයන්. ජනතාව චෝදනා එල්ල කරන කණ්ඩායම තවදුරටත් දේශපාලන රැකවරණය දීල ඔවුන්ව නිදහස් කරගැනීමට තමයි මේ ආණ්ඩුවේ වේදිකාවට නැගල සජිත් පේමදාස සමඟ සම්බන්ධ වෙන්නේ.

268 කට වඩා ඝාතනය වෙලා පන්සියයකට අධික ප‍්‍රමාණයක් තුවාල වෙලා මාස හයක් ඉක්මවා ගියත් තවමත් ප‍්‍රතිකාර ලබන කණ්ඩායම් රෝහල්වල සහ නිවෙස්වල ප‍්‍රතිකාර ලබද්දි මේ ප‍්‍රහාරයට වගකිවයුතු අයත් සමඟ ආණ්ඩුවක් හදන්න උත්සාහ කරනවා.

ජනතාව හොඳින් විශ්ලේෂණය කරලා ඔවුන්ට විරුද්ධව ඡන්දය භාවිතා කරන්න කියන කාරණාව තමයි අපි අවධාරණය කරන්නේ.

ප‍්‍රහාරකයන් ප‍්‍රහාරයට සැලසුම් කරපු අය ඒ සැලසුම් කරපු අයට ආධාර අනුබල දීපු අය මේ පාස්කු දින ප‍්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන කරන තේරීම් කාරක සභාවේ වාඩිවෙලා වාර්තාවක් ඉදිරිපත් කරලා.

මේ හෙළිදරව් නොකිරීම සම්බන්ධයෙන් අපි වහාම රජයෙන් වාර්තාවක් හා ඒ කටයුතු සම්බන්ධයෙන් විවාදයක්  පාර්ලිමේන්තුව තුළ ඉල්ලා තිබෙනවා.

සජිත් පේ‍්‍රමදාස මැතිතුමා මේ පාස්කු දින ප‍්‍රහාරයේ වගකීම බාර ගත යුතුයි රජයක් ලෙස.

මොකද එතුමා මේ ආණ්ඩුවෙන් නියෝජ්‍ය නායකයා.

එතුමා වහාම රවුෆ් හකීම් රිෂාඞ් බදුදීන් ඇතුළු කණ්ඩායම තනතුරුවලින් ඉවත් කරන්න කටයුතු කළ යුතුයි.

සජිත් පේ‍්‍රමදාස ප‍්‍රතිවාදී කඳවුරේ අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රමුඛ මේ රටේ ජයග‍්‍රාහී කඳවුරේ අපේක්ෂකයාට අභියෝග කරනවා විවාදයකට එන්න කියලා.

අපිත් සජිත් පේ‍්‍රමදාස මැතිතුමා ගෙන් අහන්න කැමතියි කැමති ඕන කාරණාවක් සම්බන්ධයෙන් ද එන්න කියන්නෙ කියලා විවාදයකට.

මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කළාට පසුව මෙතෙක් කල් සජිත් පේ‍්‍රමදාස මැතිතුමා ප‍්‍රකාශ කළ ගොන් කතා සම්බන්ධයෙන්ද විවාදයකට එන්න කියන්නේ.

දර්ශනයක් ප‍්‍රතිපත්තියක් නොමැති කිසිම කාරණාවක් මත ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වැනි කෙනෙක් අභියෝග පිළිගැනීම විවාදයකට යෑම නිශ්ඵල කාරණාවක්.

ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මෙන්ම මේ රටේ ජනතාවගේ ප‍්‍රතිරූපයට තිබෙන අගෞරවයක්.”

Read more

Local News