උත්සව සමය වෙනුවෙන් වැඩි මිලට භාණ්ඩ විකුණන වෙළෙදුන්ට නිතිමය ක්‍රියාමාර්ග

Share

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හසිත තිලකරත්න මහතා පවසන්නේ ‍උත්සව සමය වෙනුවෙන් වැඩි මිලට භාණ්ඩ විකුණන වෙළෙදුන් සොයා ඉදිරි කාලය තුළ අඛණ්ඩ වැටලීම් සිදු කරන බවයි.

ඉකුත් 16 වනදා වන විට රට පුරා වැටලීම් 3500ක් සිදු කර ඇති බව පවසන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපතිවරයා ඉන් වැඩිමිලට භාණ්ඩ විකුණූ සහ නිති කඩ කළ වෙළෙදුන් 1600ට එරෙහිව නිතිමය ක්‍රියාමාර්ග ගත් බවත් කියා සිටි.

එමෙන්ම රුපියල් 75ක් වන පාලන මිල ඉක්මවා පොල් විකුණු 238ක් සිටින බවත් පාලන මිල රුපියල් 130ක් වූ පරිප්පු කිලෝව වැඩි මිලට විකුණු වෙළෙදුන් 288ක් සිටින බවත් සභාපිතිවරයා කියා සිටියේය.

උත්සව පාරිභෝගිකයින් වෙනුවෙන් භාණ්ඩ රැසක මිල පහළ දමා ඇති බවත් ඇතැම් භාණ්ඩ සඳහා පාලන මිලක් පනවා ඇති බවත් කියා සිටි සභාපතිවරයා පාරිභෝගිකයින් ආරක්ෂා කිරිම අධිකාරියේ වගකීමක් වන බවද කියා සිටියේය.

Read more

Local News