මේ ආණ්ඩුවෙත් දුෂිතයෝ ඩීල්කාරයෝ ඉන්නවා

Share

ඉදිරි ජනාධිපතිවරණයෙන් පසුව දුෂණයෙන් තොර ආණ්ඩුවක් නිර්මාණය කරන බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

කොළඹ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදින් නැගු ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් වසන්ත සේනානායක මහතා ඊයේ(23) දිනයේ දී මාධ්‍ය හමුවක් පවත්වමින් නොයෙක් චෝදනා කරමින් සජිත් ප්‍රේමදාස මහතා සමඟ දුෂිතයින් ඇතැයි යනුවෙන් පැවසීම ගැන මෙහිදී මාධ්‍යවේදීන් අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කර සිටියේය.

එයට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පවසා සිටියේ දුෂිතයින් කවුරුන්ද යන්න ජනතාව විසින් තීරණය කළ යුතු බවයි.

හංසයා දියෙන් කිරි වෙන් කර ගන්නා සේ මෙය සිදු කල යුතුව ඇතැයි පැවසු රණවක අමාත්‍යවරයා මෙම ආණ්ඩුවෙත් දුෂිතයෝ ඩීල්කාරයෝ සිටි බවත් පැවසීය.

නමුත් එම ඇතැම් ඇමතිවරුන්ට ඉවත් කරන්න ආණ්ඩුව නිර්භීත වු බවත් පැවසු අමාත්‍යවරයා, අනෙක් අය මෙන් එවැනි අයව වසන් කරේ නොමැති බවත් කියා සිටියේය.

එනිසා මහජනයාගේ වගකීම වන්නේ එවැනි දුෂිතයින් පත් නොකර ගෙන හංසයා දියෙන් කිරි ගන්නා සේ කටයුතු කළ යුතු බවත් දුෂිත නැති තරුණ ආණ්ඩුවක් ජනාධිපතිවරණයෙන් පසුව පිහිටුවන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

Read more

Local News