පොදු ජනතාවගේ හදගැස්ම හදුනාගත් නායකයා කවුද ?

Share

පොදු ජනතාවගේ හදගැස්ම හදුනාගත් නව රාජ්‍ය ක්‍රමවේදයක් ආරම්භ කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ගාල්ල අක්මීමන පෝද්දල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

“එක්ව ඉදිරියට”යන්න තේමා කරගනිමින් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සහභාගි වන ජනරැලි මාලාවේ තවත් ජනරැලියක් ඊයේ පස්වරුවේ ගාල්ල අක්මීමන පොද්දල මහජන ක්‍රිඩංගනයේ දි පැවැත්වුණි.

එහිදී අදහස් දැක්වු සජිත් ප්‍රේමදාස මහතා මෙසේ ප්‍රකාශ කළේය.

“අකාර්යක්ෂමතාවය තුරන් වු රජයක්, පොදු ජනතාවගේ හද ගැස්ම හඳුනාගෙන පුංචි මිනිසුන්ගේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙන අලුත් රාජ්‍ය ක්‍රමවේදයක් අපි නිර්මාණය කර දෙනවා.

මේ රටේ කුඩු ජාවාරම ක්‍රියාත්මක කරන කප්පිත්තොන්ට, ත්‍රස්තවාදය ක්‍රියාත්මක කරන පුද්ගලයින් හා කණ්ඩායම්වලට අධිකරණයේ වැරදිකරුවන් බවට ඔප්පු වන විට ඒ අයට මරණීය දණ්ඩනය ලබා දෙන්නට අපි කිසිසේත්ම පැකිලෙන්නේ නෑ”

Read more

Local News