තහනම් වල් නාශක තොගයක් අයෙක් අත්අඩංගුවට

Share

තහනම් වල් නාශක තොගයක් අලෙවිය සඳහා ළඟ තබා ගෙන සිටි පුද්ගලයෙකු වව්නියාව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.

විශේෂ කාර්ය බලකා සෙට්ටිකුලම කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වව්නියාව ගුවන් හමුදා කදවුර ඉදිරිපිට වෙළඳ සැලක් වටලා සිදුකළ පරීක්ෂාවකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

එම වෙළඳ සැල තුල තිබී මෙරට අලෙවිය තහනම් කර ඇති ග්ලයිෆොසෙට්ග්‍රෑම් 100යේ ඇසුරුම් 458ක් සොයා
ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලය වෙත භාරදුන් බව විශේෂ කාර්ය බලකාය සඳහන් කළේය.

Read more

Local News