කොකේන් සමඟ විදෙස් ජාතිකයින් 02ක් අත්අඩංගුවට

Share

කොකේන් මත්ද්‍රව්‍ය සමඟ විදෙස් ජාතිකයින් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

කැළණිය දුෂණ මර්දන අංශයේ නිලධාරීන් සිදු කළ වැටලීමකදී අදාළ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.

ඔවුන් සතුව තිබී කොකේන් ග්‍රෑම් 208 පොලිස් බාරයට ගෙන ඇත.

සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 35 සහ 44 වියේ පසුවන නයිජීරියා ජාතිකයින් වන අතර ඔවුන් අද අළුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read more

Local News