ඔක්තෝබර් මස 28 වැනිදා සියලු දම්ළ මාධ්‍ය පාසල්වලට නිවාඩුයි

Share

ඔක්තෝබර් මස 28 වැනි සඳුදා දින සියලුම දෙමළ මාධ්‍ය පාසල් (මුස්ලිම් පාසල් හැර) සඳහා නිවාඩු ලබා දීමට අධ්‍යාපන අමාත්‍ය නීති‍ඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් මත අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.

මෙවර දීපවාලි උත්සවය ඉරිදා දිනට (27) යෙදී ඇති බැවින්, එදින උත්සවය සමරන හින්දු සිසුන් සහ ගුරුවරුන් වෙනුවෙන් ඊට පසු දින එනම්, ඔක්තෝබර් මස 28 වැනි සඳුදා දින සියලුම දෙමළ මාධ්‍ය පාසල් (මුස්ලිම් පාසල් හැර) සඳහා නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍ය නීති‍ඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් මත අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.

එම නිවාඩු දිනය වෙනුවට වෙනත් සුදුසු දිනයක පාසල් පැවැත්විමට අදාළ පාසල්වල විදුහල්පතිවරුන් විසින් කටයුතු කළ යුතු බව අධ්‍යාපන ලේකම් එම්.එන්. රණසිංහ මහතා දැනුම් දෙයි.

Read more

Local News