පෞද්ගලික අංශයට ඡන්දය දාන්න අවස්ථාව දෙන්න

Share

මෙවර ජනාධිපතිවරණයේ දී පෞද්ගලික අංශයේ සේවා නියුක්තිකයින්ට සිය ඡන්දය ප්‍රකාශ කිරීමේ අවකාශය සැලසීම පිළිබඳ අවධානය යොමු කරන ලෙස මානව හිමිකම් කොමිශන් සභාව විසින් කම්කරු හා වෘත්තිය සමිති සබඳතා අමාත්‍යාංශය වෙත දැනුම් දී ඇත.

මානව හිමිකම් කොමිශන් සභාව විසින් ලිපියක් යොමු කරමින් කම්කරු හා වෘත්තිය සමිති සබඳතා අමාත්‍යාංශය වෙත මේ බව දැනුම් දි ඇති බවයි වාර්තා වන්නේ.

පෞද්ගලික අංශයේ සේවා නියුක්තිකයින්ට වැටුප් සහිතව, පෞද්ගලික නිවාඩු අහිමි වීමකින් තොරව සියඡන්දය ලබා දීමට හැකිවන පරිදි නිවාඩු ලබා දීමට අවස්ථාව සලසා දීම සඳහා කඩිනම් සුදුසු මැදිහත් වීමක් කිරීම පිළිබඳ අවධානය යොමු කරන ලෙසයි අදාළ ලිපියේ සඳහන් වන්නේ.

“කිසිවෙකු අත්නොහැරෙන මැතිවරණයක් තහවුරු කරමු“ යන තේමාව ඔස්සේ පුරවැසියන්ගේ ඡන්දය ප්‍රකාශ කිරීම තුළින් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් මෙවර ජනාධිපතිවරණයේදී කටයුතු කරමින් සිටින බව මානව හිමිකම් කොමිසම සඳහන් කළේය.

Read more

Local News