සජින්ගේ සහාය සජිත්ට ලැබීම ගැන ආණ්ඩුවේ මන්ත්‍රීන්ගේ විරෝධය

Share

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතා සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට සම්බන්ධ කර ගැනීම සම්බන්ධව ගාල්ල දිස්ත්‍රික්කයේ ආණ්ඩු පක්‍ෂ පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විරෝධය පළ වී ඇතැයි වාර්තා වේ.

පසුගිය මැතිවරණවලදී එක්සත් ජාතික පාක්‍ෂිකයන්ට විරුද්ධව කටයුතු කළ සජින් ද වාස් ගුණවර්ධන මහතාට දූෂණ චෝදනා රාශියක් එල්ල වී තිබෙන බවද එම මන්ත්‍රීවරුන් පෙන්වාදී තිබේ.

ගාල්ල දිස්ත්‍රික් ආණ්ඩු පක්‍ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් එක්සත් ජාතික පක්‍ෂයේ ප්‍රධාන නායකයන්ට මේ සම්බන්ධව කරුණු පෙන්වාදී ඇතැයි වාර්තා වේ.

ලබන මහ මැතිවරණයේදී එ.ජා.ප. පසුපෙළ මන්ත්‍රීවරුන්ට අසාධාරණයක් සිදුනොවන ආකාරයට නාමයෝජනා සකස් කරන ලෙසත්, සජින්ද වාස් ගුණවර්ධන මහතාට නාමයෝජනා ලබානොදෙන ලෙසත් එම මන්ත්‍රීවරුන් ඉල්ලා තිබේ.

ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන ආණ්ඩු පක්‍ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් එක්සත් ජාතික පක්‍ෂයේ ප්‍රධාන නායකයෙකුට මෙම කරුණ පැහැදිලි කළ අවස්ථාවකදී පසුපෙළ මන්ත්‍රීවරුන්ට අසාධාරණයක් සිදු නොවන ආකාරයට තීන්දු තීරණ ගන්නා බව එම නායකයා අවධාරණය කර ඇත.

Read more

Local News