මෙන්න අද කාලගුණ තත්ත්වය

Share

ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් වායුගෝලයේ වර්ධනය වෙමින් පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් අද රාත්‍රී කාලයේ සිට දිවයිනේ (විශේෂයෙන් උතුරු, නැගෙනහිර, උතුරු-මැද සහ ඌව පළාත්වල) වැසි තත්ත්වය වර්ධනය වන ලකුණු ඇත.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුලින් බරව පවතිනු ඇත.

දිවයිනේ බොහෝ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

උතුරු, නැගෙනහිර, උතුරු-මැද සහ ඌව පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී. 100-150 පමණ තද වර්ෂාපතනයන් ඇති විය හැකි අතර,දිවයිනේ සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථාන වලට මි.මී. 100 පමණ තරමක තද වර්ෂාපතනයන් ඇති විය හැක.

මධ්‍යම, සබරගමුව, ඌව සහ උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

Read more

Local News