ජනපති යළි දිවයිනට එයි

Share

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජපානයේ සිය නිල සංචාරය නිමා කර ඊයේ (27) රාත්‍රී යළිත් කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණියේය.

ජපානයේ නරුහිතෝ රජතුමාගේ රාජාභිෂේක මංගල්‍යයට සහභාගී වීම සදහා ජනාධිපතිවරයා එරටට ගොස් සිටි අතර, ජනාධිපතිවරයා සමඟ 21 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් ද මෙම සංචාරය සදහා සහභාගී වී සිටියහ.

මෙම පිරිස ඉකුත් 21 දින අලුයම මෙම සංචාරය සදහා පිටත්ව ගියේය.

Read more

Local News