යකඩ පොල්ලකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කරයි

Share

බුලත්කොහුපිටිය, කළුපහනවත්ත ප්‍රදේශයේදී ඊයේ (27) දින බහින්බස් වීමක් දුර දිග ගොස් යකඩ පොල්ලකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ 56 හැවිරිදි කළුපහනවත්ත බුලත්කොහුපිටිය ප්‍රදේශයේ පදිංචි අයෙකි.

මිය ගිය පුද්ගලයාගේ මෘත ශරීරය කරවනැල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

බුලත්කොහුපිටිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News