කාලගුණයෙන් ධීවරයින්ට අනතුරු ඇඟවීමක්

Share

පොතුවිල් සිට හම්බන්තොට, ගාල්ල සහ කොළඹ හරහා පුත්තලම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය ඉහළ යාමට ඉඩ ඇති බැවින් එම මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල නිරත වීම අනතුරුදායක බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ හේතුවෙන් නාවික ප්‍රජාව මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කිරීම සුදුසු බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

මේ අතර දිවයින පුරා ප්‍රදේශ රැසකට ඉදිරි පැය 24 තුළ මිලිමීටර් 150ත් 200ත් අතර වර්ෂාපතනයක් ලැබිය හැකි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

ඒ අනුව උතුරු, නැගෙනහිර, ඌව, මධ්‍යම, දකුණ සහ සබරගමු පළාත් වලටත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලටත් අධික වර්ෂාපතනයක් ඇදහැලිය හැකියි.

Read more

Local News