අපි එක ගලෙන් කුරුල්ලෝ දෙනෙක් මරා ගන්නවා

Share

නොවැම්බර් මස 16 දා මෙරට ජනාධිපතිවරයා බිහිවන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කරපිටින් බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි.

ඊයේ(27) අනුරාධපුර ප්‍රදේශයේ පැවති ජන රැළියකට එක් වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා මේ බව පැවසීය.

“නොවැම්බර් මස 16 දා අපි එක ගලෙන් කුරුල්ලෝ දෙනෙක් මරා ගන්නවා. අපි 16 දා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාව ජනාධිපති කරනවා පමණක් නෙමෙයි.

අපි නොවැම්බර් 16 නැවතවතාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පොදුජන පෙරමු‍ණේ ආණ්ඩුවක් හදනවා කියන එකත් අපි මතක් කරන්න ඕනේ“

Read more

Local News