රනිල් පරාජයෙන් වියරු වැටිලාද ?

Share

රටේ ජනතාවගේ නිදහස සහ ආර්ථිකය විනාශ කරනු ලැබුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ආණ්ඩුව බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

අනුරාධපුර දිස්ත්‍රිකයේ එක්සත් ජාතික පක්ෂ සමාජිකයින් පිරිසක් පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගැනීමේ අවස්තාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

රටේ ආණ්ඩු ඇති කරන්නේ සහ වෙනස් කරන්නේ ජනතාව විසින් බවත් ඉදිරියේදී ජනාධිපතිවරයා පත්කරන්නේද රටේ ජනතාව විසින් බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පැවසීය.

ශෙහාන් සේමසිංහ මහතා මෙහිදී පවසා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වූ පසු රට නැවත නිවැරදි මාර්ගයකට පැමිණෙන ඇතැයි නියත වශයෙන් කිව හැකි බවයි.

මේ අතර අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් මේ වන විට පරාජයෙන් වියරු වැටී සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

Read more

Local News