ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ අයෙක් බලංගොඩ දී අත්අඩංගුවට

Share

බලංගොඩ ප්‍රදේශයේදී ව්‍යාජ මුදල් නෝට්ටු ලඟ තබා ගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ පුද්ගලයා ප්‍රදේශයේ සතොස ආයතනයකින් භාණ්ඩ මිළට ගෙන ව්‍යාජ රුපියල් දහසේ මුදල් නෝට්ටුවක් ලබාදීම සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

එහිදී සැකකරු සතුව තිබී තවත් ව්‍යාජ රුපියල් දහසේ නෝට්ටු 03 ක් සොයාගෙන ඇත.

සැකකරු අද (28) බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read more

Local News