පැෆ්රල් සංවිධානයෙන් මාධ්‍යන් වෙත ඉල්ලීමක්

Share

ජනාධිපතිවරණ අපේක්ෂකයින් විසින් සිදුකරන වෛරීය ප්‍රකාශන ප්‍රචාරය නොකිරීමට වගබලාගන්නා ලෙස මැතිවරණ නිරීක්ෂණයේ නිරත පැෆ්රල් සංවිධානය මාධ්‍ය ආයතන ඇතුළු වගකිව යුතු පාර්ශවවලින් ඉල්ලා සිටියි.

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින ඇතැම් අපේක්ෂකයින් සිදුකරන ප්‍රකාශ හේතුවෙන් ඇතැම් පාර්ශවවලට දැඩි අසාධාරණයක් සිදුවන එම සංවිධාන පෙන්වා දෙයි.

ජාතිවාදය හා ආගම්වාදය ඇතිවන ආකාරයේ ප්‍රකාශද ඔවුන් සිදුකරන බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසයි.

Read more

Local News