තැපැල් ඡන්ද සලකුණු කිරිමේ දින මෙන්න

Share

ජනාධිපතිවරණයට අදාල තැපැල් ඡන්ද පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු මේ දිනවල සිදුකරන බව තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

රාජ්‍ය ආයතනවල සහ ත්‍රිවිධ හමුදාවේ තැපැල් ඡන්ද හිමියන්ගේ තැපැල් ඡන්ද සළකුණු කිරීම ලබන 31 වනදා හා නොවැම්බර් පළමුවනදා සිදුකිරීමට නියමිතයි.

දිස්ත්‍රික් ලේකම් කාර්යාල මැතිවරණ කාර්යාල හා පොලිසිය යන ආයතනවල තැපැල් ඡන්ද හිමියන්ගේ තැපැල් ඡන්ද සළකුණු කිරීම ලබන මස 04 වනදා සිදුකිරීමට නියමිත බව මැතිවරණ කොමිසම පවසයි.

අදාළ දිනවල ඡන්දය සළකුණු කිරීමට නොහැකි වන තැපැල් ඡන්ද හිමියන්ට ලබන මස 07 වනදා තමන්ගේ සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී සිය තැපැල් ඡන්දය සළකුණු කිරීමට අවස්ථාව හිමි වේ.

මේ අතර ජනාධිපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමද මේ දිනවල සිදුකරන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

Read more

Local News