ජනපති අපේක්‍ෂකයන් 06ක් වත්කම් බැරකම් භාරදීලා නෑ

Share

ජනාධිපති අපේක්‍ෂකයෝ 35 අතුරින් අපේක්‍ෂකයෝ 06 දෙනෙකු තම වත්කම් බැරකම් ප්‍රකාශ මැතිවරණ කොමිෂන් සභාවට භාරදී නොමැති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

නියමිත කාලසීමාව තුළ වත්කම් බැරකම් ප්‍රකශ ලබාදෙන ජනාධිපති අපේක්‍ෂකයන් සඳහා නඩු පැවරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කරන බවද සභාපතිවරයා ප්‍රකාශ කළේය.

මෙම අපේක්‍ෂකයන් අතරින් එක් අපේක්‍ෂයෙක් පිළිගත් දේශපාල පක්‍ෂයක් නියෝජනය කරන අයෙක් බවත්, අනෙකුත් අපේක්‍ෂකයන් 05ක් ස්වාධීන අපේකෂකයන් ලෙස නාමයෝජනා ලබාදී ඇති බවත් සභාපතිවරයා පැවසීය.

ජනාධිපතිවරණයට නාමයෝජනා ලබාදෙන අපේක්‍ෂකයෙකුට වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදීමට මාස 03ක  කාලයක් ලබාදී ඇත.

ඒ අනුව මෙම අපේක්‍ෂකයන් ජනාධිපතිවරණය ජයග්‍රහණය කළහොත් දිවුරුම්දීමට ප්‍රථම වත්කම් බැරකම් ප්‍රකාශ ලබදිය යුතු බවත් පරාජය වුවහොත්, ලබන ජනවාරි 06 වැනිදාට පෙර වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදිය යුතු බවත්, දන්වමින්  මැතිවරණ කොමිෂන් සභාව ඔවුන්ට ලිපි යොමුකර ඇති බවත් මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළේය.

ඒ අනුව මෙම කාලසීමාව තුළ වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදීමට කටයුතු නොකර ජනාධිපති අපේක්‍ෂකයන් සඳහා නඩු පවරන බවද දේශප්‍රිය මහතා පැවසීය.

මෙලෙස වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදී නොමැති අපේක්‍ෂකයන් කවුරුන්දැයි විමසීමේදී එයට පිළිතුරු දිය නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහාය දක්වන පක්‍ෂවලින් ඉදිරිපත් වන ජනාධිපති අපේක්‍ෂකයෝ එම 06 දෙනා අතර නොමැති බවද සභාපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේය.

නාමයෝජනා ලබාදෙන විට වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව අපේක්‍ෂකයන්ට දැනුම්දී ඇති එම වත්කම් බැරකම් ප්‍රකාශ තම තමන්ගේ වෙබ් අඩවි තුළ ප්‍රසිද්ධිය පත් කරන මෙන් ඉල්ලා ඇති බවද සභාපතිවරයා දැනුම් දුන්නේය.

Read more

Local News