මිහින්තලයේ අනතුරකින් කතක් මරුට -11කට තුවාල

Share

මිහින්තලය පොලිස් වසමේ අඹගහවෙල හන්දිය ආසන්නයේ අද (28) උදෑසන 10.35 ට පමණ සිදුවු රිය අනතුරකින් කාන්තාවක් මිය ගොස් තිබේ.

අනුරාධපුර දෙස සිට ත්‍රීකුණාමලය දක්වා ගමන් ගත් ජීප් රථයක් හා ත්‍රීකුණාමලය දෙස සිට පැමිණි වෑන් රථයක් මුහුණට මුහුණ ගැටී මෙම අනතුර සිදුව ඇත.

අනතුරින් වෑන් රථයේ ගමන් ගත් 5 ක් තුවාල ලබා මිහින්තලය රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී එක් කාන්තාවක් මිය ගොස් ඇති බව පොලීසිය පවසයි.

තවද ජීප් රථයේ රියදුරු ඇතුළුව තවත් තුවාලකරුවන් 6 දෙනෙක් අනුරාධපුර රෝහලට ඇතුළත් කර තිබේ.

මිහින්තලය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News