සජිත් දිනුවොත් අගමැතිකම උඩරටට – නවීන්

Share

උඩරට ජනතාව ජනාධිපතිවරණයේදි සජිත් ප්‍රේමදාස මහතාට විජයග්‍රාහී ජයග්‍රහණයක් ලබා දී  මැතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති කරනවානම් අගමැති කම උඩරටට අවශ්‍ය බව පැහැදිළිව ප්‍රකාශ කරන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා පවසයි.

අගමැතිකම තමාට අවශ්‍ය බව නොකියන බවත් ඒ කවුරුවුවද අගමැතිකම උඩරට පුද්ගලයෙකුට අනිවාර්‍යෙයන්ම ලැබිය යුතු බවද දිසානායක මහතා අවධාරණය කළේය.

අමාත්‍යවරයා මෙසේ පැවැසුයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා දිනවිම සඳහා  මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා සංවිධානය කරමින්  පොත්තපිටිය බස්නැවතුම්පොළ අසළදි පසුගියදා පැවැත්වු ජන හමුවේදීය.

Read more

Local News