ගෝඨාත් එක්ක ඉන්නේ කවුද ?

Share

රටේ බහුතර සිංහල ජනතාව සිටින්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි ෆයිසර් මුස්තාෆා මහතා පවසයි.

මල්වාන ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රි ෆයිසර් මුස්තාෆා මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ බහුරත සිංහල ජනතාවගේ ආශීර්වාදයෙන් ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහනය කරන බවයි.

මේ අතර රටේ බහුතර සිංහල ජනතාව එක්සත් ජාතික පක්ෂය සමඟ නොමැති බව එම පක්ෂය හොඳින් දන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා මෙහිදී සඳහන් කළේය.

මේ හේතුවන් එක්සත් ජාතික පක්ෂය උත්සහ කරන්නේ රටේ සිංහල ඡන්ද යම් ප්‍රතිශතයක් ලබාගෙන මුස්ලිම් සහ දෙමළ ඡන්ද වැඩි ප්‍රතිශතයක් ලබාගෙන ජයග්‍රහනය කිරීමට බව පාර්ලිමේන්තු මන්ත්‍රි ෆයිසර් මුස්තාෆා මහතා පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රි ෆයිසර් මුස්තාෆා මහතා මෙහිදී පවසා සිටියේ මේ රටේ සිටින සුළු ජාතිකයක් හැටියට මුස්ලිම් ජනතාව සිටිය යුත්තේ බහුතරය සිංහල ජනතාව සමඟ බවයි.

රටේ සිංහල බෞද්ධ නායකයෙක් නොමැතිව මුස්ලිම් ජනතාවගේ ප්‍රශ්න විසදා ගැනීමට නොහැතකි බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි ෆයිසර් මුස්තාෆා මහතා වැඩිදුරටත් පැවසීය.

 

Read more

Local News