අදත් පළාත් කිහිපයකට තදවැසි

Share

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති වායුගෝලයේ කැලඹිලි ස්වාභය මේ වන විට ආරබි මුහුද දෙසට ගමන් කරමින් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එනිසා දිවයිනට නිරිත දෙසින් වන මුහුදු ප්‍රදේශයේ පවතින වැසි තවදුරටත් වර්ධනය වෙමින් දිවයිනෙන් ඉවතට ගමන කරනු ඇත.

මෙම පද්ධතියේ බලපෑමට යට‍ත්ව දැනට පවතින වැසි තත්ත්වය විශේෂයෙන් නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලත් පුත්තලම දිස්ත්‍රික්කයේත් අද දිනයේදී තවදුරටත් පවතිනු ඇත.

ත්‍රිකුණාමලය සිට හම්බන්තොට සහ ගාල්ල හරහා පුත්තලම දක්වා වන මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රළු වීමට වැඩි හැකියාවක් පවතියි.

එනිසා ධීවර හා නාවික ප්‍රජාවට අවධාරනයෙන් කටයුතු කරන ලෙසත් කාලගුණ අංශ නිවේදනය කරයි.

දකුණු, ඌව, නැගෙනහිර, උතුරු, උතුරු මැද පාළාත්වල හා නුවරඑළිය, රත්නපුර, කළුතර හා මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකියි.

සෙස පළාත්වල සවස 2.00 න් පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වෙයි.

‍දකුණු, ඌව හා නැගෙනහිර පළාත්වල හා පුත්තලම දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථාන සඳහා මිලිමීටර 100-150 ත් අතර වර්ෂාපතනයක් ඇති විය හැකියි.

දිවයින හරහා සුළඟේ වේගය විටින් විට පැයට කිලෝ මීටර 50-60 දක්වා විය හැකියි.

Read more

Local News